Saturday, December 24, 2011

Lost Love on the Beachපැතුවත් දහස් දැ,
ලැබුවන් මිටක් නැ,
ඇසුවත් නොයෙක් දැ,

ඔබ මාහට හිමි නැ


බහ දුන්නත්,
ඔබට මටද පලක් නැති බව දැන,
සුසුම් හෙලමින් හදෙහි සිරකොට,
ඒ අතීත පෙම,
සිහිනයක් ම කරගතිමි ඔබ අබියස

එදා සෙල් ලිපියක ලියවු පද මෙන් ,
සිතේ ඇදි ඔබේ රුව,
කලක් ඇවැමෙන්,
ගව් දහස් ගනනක් නිසාවෙන්,
සෙවනැලි මාවතේ සැගවී ගිය,
චායාවක් බදු විය.

ඔබ ඇසූ පැනයට තැති ගත් මා,
වී හුදෙකලා,
ලජ්ජාව පසෙකලා,
දුන් පිලිතුර නිසා,
මිතුදමක් ඇරඹුනා

සබද මේ කිනම් අරුමයක් ද,
වටහා ගත හැකිය මාහට,

Thursday, December 22, 2011

අසරණකම

හරියට අසරණ වෙන්නේ
කවුරුත් මා ගැන නොසිතන්නේ
නොඅඩා ඇඩෙන්නේ
ඇයි මෙසේ මටමම වෙන්නේ

යන්නට එන්නට මගක් නැති
හින්නට ඉදින්නට තැනක් නැති
කන්නට බොන්නට මුකුත් නැති
සැම දෙන දැනගෙන කල වැනි

කියන්න කෙනෙක් නැති
අසන්නට හැමදෙන අකැමති
මගේ දුක කෙලවරක් නැති
සැම දෙය ගිලිහි ගියා වැනි

සැම හට හොදම කල හැටි
එනමුත් ඒ ගැන කතා නැති
පහර යකුනේ ඔබ වැනි
වෙසෙයි මේ ලොව මුහුද මෙනි

Sunday, December 4, 2011

නංගීගේ BiRth DAy පාටිය

දිනයක නිමාවයි
සුවිතුරු පැතුම් ගොන්නයි
තෑගිද අපමණයි
කීමට ඇත්තේ එපමණයි....

විවිධාකාර බැලුන්ද උඩ සරසාලා
පාරට පෙනෙන්නට බල්බද ඇත දමලා
ඈතට ලස්සනට බැලුවම නෙත ඇදිලා
යනවා මගේ සිත මෙතනම මාවත් දමලා

ඇතුලත් වු ක්ෂනික HAPPY BIRTHDAY කියාගෙන
කැපුවා CAKE නිවසක් අති රමණිය
කැව්වා සැමදෙනා වෙත කැබලින් කැබල
බොන්නට තිබ්බේ ජෝ හැලියෙන් ඉල්ලාන

සැම දන පෝලිමේ ගොස් ඉදගත්තේ එලියෙන්
ඉදගත්ත විතර ඇති කැමරා රැගෙන අතින්
ඇරයුම් ලැබුනේ ෆොටෝජිනික් වෙන්න ඉතින්
ගත්තා නොගත්තා නොයෙකුත් කෝණ වලින්

කයියක් ගසාගෙන එන විට යමකුත් සපමින්
ආරාධනා ලැබුනා නැටුමට ගී රසය දෙමින්
නැටුවා නැටිල්ලක් හති වැටෙනාම ලෙසින්
කැවේ ඊට පසුයි දහඩිය රසය දෙමින්

බුදලා අවසන්ව හති ඇරියේ නැවතත්
කාලා අතුරුපස ඇති දැන් නැවතීමක්
පුටුවක් බදාගෙන ඉදගත්තේ පොඩ්ඩක්
නැවතත් පටන්ගෙනදෝ අර නැටිලි රැයක්

නටනවා නටනවා නොම ඇත නැවතීමක්
උණ ඇති මටද එය අමතක වු සැටියක්
කවරක් නමුදු මෙය නංගීට සැනසීමක්
නොවේදෝ සිතා නැවතත් නැටුවේ පොඩ්ඩක්

ඇති දැන් බැරිය තව පාරක් නටන්නට
කට්ටිය එකින් එක එයි ජල පානයට
නැගිටින්නට නොවෙයි වැටුනේ පුටුව මත
අඩ පැය ගෙවුනේ ඇති හතියත් නැති වෙන්න

වින්දා, ලැබුවා, දැනුනා සතුටක් දැකලා මේවා
වියදම නැතුව ඇති  එය තාමත් හදලා
සතුටුයි නංගී මේ ලෙස ඔබ කල දෙයට
දුකකුයි ඇත්තේ WELCOME DRINK නොදුන්නට








Monday, November 14, 2011

මගේ හදවත....

සඳ ඇති රැයක ඔබ ළඟින් ඉන්න හැදුවා
ඒ රැයම අමාවක බැව් සඳ හොරෙන් ඇවිත් කීවා
ඒ සඳ මගේ හද පළු දෙකට ඉරි කැඩුනා
ඔබ මගේ ළඟට ඇවිදින් සිප ගන්න එන්න කිව්වා


සීන සතක පෙරයමයේ ඔබේ සුවඳ දැනුනා
තුරුලේ ඇවිත් උණුසුම ලැබ ඔහේ යන්න හැරුනා
මට සීත සුළඟ දැනුනා...හද වේව්ලුම් කෑවා
ඔය හද මට දෝ සිතුනා.... මා මුළු දවසම හැඩුවා


සීත රැයක ගත කකියන ආල හැගුම් පිරුනා
මට දරා ගන්න හිතුනා... කදුළු බින්දු වැටුනා
ඔබ අද නැත රෑ මා ළඟ පාළු සොහොන විලසා
මගේ හදවත තනි කර දා පලා ගියේ කෙලෙසා...

Sunday, November 6, 2011

සිත දුබල ඇයි මෙතරම්.......

මා ඔබ හැර ගියද...
ඔබ මා හැර නොගිය බව
සිහිවේ
වරින් වර 
එකල පටන් අප දෙදෙනා
කතා නොකලද
කත කලද
දෙදෙනා අතර
සිදුවන දේ
සිදු වු දේ
ටෙලිපති ආකාරයෙන්
දෙදෙනාටම දැනුනේ.......
දැනෙන්නේ
මා රැය පහන් කරන විට
ඔබ මා වෙත එන්නේ
තහංචි දමා ඇති
සිතක්
වෙත බැව්
කියුවද....
ඔබ එයින් පිටමං
කරන්නට, පළවා හරින්නට
ඔබට තරම් මට ශක්තියක්
නොමැත්තේ
මාගේ සිත දුබල නිසාද.......
­

Friday, October 28, 2011

සොයා එවන් රුව

ලා සඳ කැන් මැද මා දැවිලා
ලා හිරු කිරණින් සිසිල වෙලා
ඒ හද මා සතු නෑ නතු කල යුතු
කිමද පලක් නැත නැවතීලා

ඔය රුව රැදිලා
දකින දකින තැන නැත පෙනිලා
සොයා එවන් රුව මා නෙත යායුතු
ගියා කියා නෑ තව ලැබිලා

මා කල නැත වරදක් කෙලෙසේ
හද ඇදි රුව නැත තව ලැබුනේ
මනස වෙහෙසි වෙයි ඔබ මොබ ඇවිදියි
කල යුතු දේ තව නොම තේරෙයි

Wednesday, October 19, 2011

මා තනි වුන දා.........

මේ රෑ....
සීතලෙන් මිරිකී...පාලුවෙන් තනි වී...
ඇසිපිය හෙලනා... කඳුළු බුර බුරා නැගෙනා......
මා තනි වුන දා.........

මා ළඟ තනි වී එදා...ඔබ තුරුලව උන්නා..
අසුරු සැනින් මා.... ඔබ තනිකර දා ගියා...
මා කඳුලයි ගෙව්වේ...සිට ඔබ නැති එදා...
මා තනි වුන දා.....

ඔබ රුව දුටු දා..... සිතුවේ නෑ මෙලෙසක මා....
කුරිරු බවින් ඔබ මා සිත හිර කලා...
ඔබ වෙනුවෙනුයි ගෙව්වා...මා ජීවිතය පුරා...
මා හැඩවුණු දා......

Wednesday, October 12, 2011

හදෙහි රැදෙන වේදනාව......

හිත බිදුනා ඔබ හින්දා
කවදාවත් නැත පවසා
සොඳුරු මොහොත් කොතෙක් ඇතත්
හද පාරන දුක් ගී වැල්
තවමත් ඇත ශේෂ වෙලා


හදෙහි රැදෙන වේදනාව
ඔබ වෙනුවෙන් ඉවසා සිටියා
හිත බිදෙනා හැම මොහොතක
මා මනසින් දුක් වින්දා


විදින රිදෙන හැම මොහොතක
දුකම උරුම බව දැනගෙන
මිරිඟුව පසු පස දිව්වා
තැවුනා හැඳුවා රිදෙනා හැමවර

Monday, October 10, 2011

අහිංසක ඇස්


අහිංසක ඇස් අඟින්
පෙනෙයි මට කදුලැලි
මලානක වී සැටි
සිතින් නම් සියුමැලි


ලොවෙහි ඔබ නැත හිමි
කෙනෙකු මට ඔබ වැනි
සිතෙහි නැත සැනසිලි
හඳ ගින්න ඇවිලිනි


සසර ඔබ ලඟ නැති
ගෙවමි මම කෙලෙසකි
රඟ මඬල මෙලසකි
හඳ ගිලන් වන සැටි 


දුර ඈත හමු වෙනා
නිශා සඳ පායනා
පුර පෝය අද වුනා
ඔබ මගෙන් වෙන් වුනා


සීත මට වැඩ් වෙනා
ඔබේ රුවම සිහි වෙනා
අන් සඳක් පායාලා
ඇති බවක් වැටහුනා..............




Tuesday, October 4, 2011

ගුරු ගීතය

මව වෙසඟනක් වු පලියට
දුව වෙසඟනක් වන්නේද....
පියාණෝ බේබඳු කුලයේ වු පලියට
පුතා බේබද්දෙක්ද....
මව උගත් බුද්ධිමත් කුල ස්ත්‍රියක් වු පලියට
පුතා සැබෑ පුරුෂයෙක් වන්නේද....
පියා සැබෑ කුල පුත්‍රයෙක් වු පලියට 
දියණිය එසේ වන්නේද......
ඊරිගේ හැටි බලා පැටව් ගනිව්!
කියන කතාව ඇත්තදක්ද....
සිසුවා සිසුවෙක් ලෙසත්
සිසුවිය සිසුවියක් ලෙසත්
දකින්නට මා පිං කලෙමි!!!!!!
මු... වැදගැම්මකට නැතිය...
මේකි නම් කවදාවත් හදන්න බැරිය....
යැයි....
මට නොසිතෙන්නේ මන්ද...
එයයි මා ගයන
ගුරු ගීතය...........

Tuesday, September 27, 2011

සිනහා බෝ


මද්දහනේ මුකුලිත මල සේ
ඔය කැකුළු මුවඟ මා සිත් ගත්තේ
එවැනි සිනා නැත දැක ඇත්තේ
කෙලෙස මෙවන් ලෙස මන දොල සිදුවේ


එකම දිනකි ඔබ දැක ඇත්තේ
නොමැත එවන් සිනහව ලොව දැක්කේ
ම් ගත තිබු විඩාව සංසිදුවේ
කෙලස ලදුනි සිනහව ඔබ මැව්වේ

සිනාව ඉනාව ලෙසින් යොදාලා
කාල වෙලාව නැකත් බලාලා
සිනහව ඔබ වෙන හැටි පවසාලා
පිං සිදුවේ මට කියලා දීලා


මුළු කඩපිල කිරියෙන් ඉතිරිලා
සැම විට ඇත හොද ජය ලාභා
සැම දන තුඩ තුඩ යයි සොද වදනා
ඇත සුන්දර සිනහව ඔබ මවනා

Wednesday, September 21, 2011

අම්මා

කතර සසරක් නොදැක උපදින
දිනක මේ බව ලොවෙන් සඟවන
ලොවෙහි මිනිසුන් සරන නොම වන
නුබ වෙයි ඒ සොදුරු ගැහැණිය

ලොවම නොදකින ඔබම දකිනා
සෙනෙහේ ගඟ නෑ තවම උතුරා
කෙනෙකු නැත මේ වඟක් හඟනා
ඔබය පිං කෙත ලකළු කරනා

සිතක ඇති දම් සරන පෙන්වා
ලොවම සැනසු බවකි දන්නා
නොමැත වරුණා කරණු මැනවා
බුදු වෙයන් උඹ සසර මතුදා

Friday, September 16, 2011

හොදින් ගිහින්,හොදින් වරෙන්


දහසක් පැතුම් පොදි බැද
වස්ත්‍ර පොදියත් අතෙහි ගුලිකර
නොපුරුදු රටක් වෙත යන
ඔබට අපගේ පැතුම් සුභ වෙන


එකට කාලා එකට බීලා
එකම ලියලා ෆේල් වීලා
එකට බැනලා එකට නිදලා
එකම කරලා වටේ යවලා


"මචං මං අද යනවා"
කියල ගිය
නොකියා ගිය
අපි කවුරුත් උඹලා එක්ක
තරහා නෑ........
අපි උඹලාට ගොඩාක් අදරෙයි.....

Wednesday, September 14, 2011

ඔබ නැති කල

පෙර කලක පටන් පැතු පෙමක්
බොද වී ගොස් නොසිතු ලෙස
පිං නොකලෙමි අත ගැනුමට
සොදුර නොමැත අද මා ළඟ

මතක නැවත සිහිවනවිට
පැතු පැතුම් හද පාරයි
ඔබ අද වෙනකෙකු යන විට
සිහිනයක්ද කියා සිතෙයි

කවි දහසත් ලිව්වත් මා
හදේ දැවෙන දුක නිවෙන්න
සත් සයුරම ගැලුවත් මදි
ඔබ නැති දුක නිවාලන්ට

Monday, September 5, 2011

රෑ අහස


නිශා අහසේ පායනා
රීදී රේඛා ලෙසින් දිලුනා
මේඝ පටලින් අහස කලබා
හිරු රැසෙහි ඔබ හිර කලා


මලහිරුයි බැසයන්නේ
ඔබවමයි සිහිවෙන්නේ
නැතද ඔබ තව ආවේ
ඇයි මෙහෙම දුක් දෙන්නේ


ඈත නිම්නය සිහිවෙනා
සිසිල සමගින් පැමිණෙනා
කිරණ සමගින් සිසිල නොවිදු
අමවක විය එදා රෑ

Friday, September 2, 2011

එනතුරු


තරු කැට නැති රෑ යාමේ
සීතල පිනි බිදු තෙමුවේ
හද පතුලේ රෑදි සෙනෙහේ
නොදටුව සද වන් වුයේ


ඔබ වෙනුවෙන් හෙලු සුසුම්
නොමරා මා හද සැලුවේ
ගිය සිතකින් ඇති ඵල කිම
අඹු සොහොනට වල දැමුවේ


දෙන්නට මට නැත කිසි දෙය
පිවිතුරු හද මඩල මිසක
පෙම නොහදුන නුඹවන් අය
මගේ හිතේ අවසානය


පිරිපුන් රූසොබා කුමට
නිර්මල හදවත් නැති කල
යම් දිනකුදු පැමිණෙනු ඇත
එන්නට සිත හඩුනන ඔබ

Wednesday, April 20, 2011

aurudhu song


කුමරියනේ......නේ......කුමරියනේ...නේ.....
බක් මහා කුමරියනේ.....
බක් මාසේ ඇවිදින් උඹ කැන්දන් යන්ඤ්ඤයි මේ ආවේ...
කුලසිරිතට විරිතට කැන්දන් යන්ඤ්ඤයි ආවේ...හේ....

මඟුල් තොරන් බැද රබන් ගසන් පෙල
උඩින් උඩින් පැන බෙරේ ගසන්නට
යටින් යටින් බිම චක් ගුඩු ගුඩු ගුඩු
ඇවිදිල්ලා බක් මාසේ...ඒ....ඒ....හේ....

සොඳුරු සිතින් සැමදෙන එක්වීලා
කැවුම් කොකිස් මුං අලුවා හදාලා
අවුරුදු නැකතින් නෑගම් යනවා
තාන තම් දෙනා තම්දෙන කියලා

පන්සල් යන්නට කරත්තේ නැගපං
තෙල් මල් අරගෙන නොනගත කාලේට
සිතින් ගතින් සංවර වී සැමදෙන
වදිමු වදිමු සුභවන්නට අවුරුදු

Tuesday, April 19, 2011

සිහින තොටුපල


සිහින තොටුපලෙන්
සිහින දකින්නට
පමණකි මා පෙරුමන් පිරුවේ
සිහින සාප්පුවේ විකිණේන සිහිනට
නැත සිහිනය මා මිළ කෙරුවේ

සිහින සෙලොලයිට් පටල තුළින් මා
ඔබ රුවමැයි මතු වී පෙනුනේ
පුරන් වු සිහිනය ඉහ ඉද්දර ඉද
වැලපෙයි සැම දෙන තොටුපල වෙත එන

Monday, April 18, 2011

මණ්දාකිණි..........



මණ්දාකිණි සොයා යමු මණ්දාකිණි 
ඔබ ඇතැයි සිතා
සිත උමතුවෙන් ඉදියි ගත පාලුවෙන් වෙලි
මණ්දාකිණි.......



සත් සමුදුරෙන් එහා
මහා ඈත දුර ඔයා
සුසුම් පොදක් එවන්න
සුළඟ එන හමා


නිල් අහස් කුසින්
පාවි පාවි මාව සොයා එන්න පියාඹා.....



ඝණ කළුවර මුළු රැයම පුරා
සොයමින් ලත උනා මේමා
සඳ කිරණක් වී එන්න
මා හද ඔබ එලිය කලා

Sunday, April 17, 2011

කවිය ඔබ ඇයි?


පද වැලක් ඇමිනු
කාලයක්
සිහියට නොම එයි
ඒ මන්ද
කරදර ඇති කල පමණද
කවිය
ඔබ මා නවාතැනට ගොඩවෙන්නේ
සතුටටත් මා දොරගුල් විවරයි
අනේ ඇයි මා අමතක කරන්නේ...
එතරම්
දුකට
ලං වෙලා
කවිය ඔබ

Thursday, April 14, 2011

නව වසර


කැවුම් කොකිස් මුං අළුවා සුවඳ හමනවා
ළමා තැනේලා එකතුව රබන් වයනවා
සැවොම දෙනා එකාවන්ව වැඩ අල්ලනවා
බත බුලතින් නව වසරක් සරු වී එනවා

Saturday, March 19, 2011

ඔබ නවාතැනම විය


දිවිගමනේ ඔබ නවාතැනම විය
මා හඳ කුටියේ නිදන්ව සිටි ඔබ
ඔබ රුවමයි මා සිතු බැඳි සිසිලස
සුවදයි ඔබ මා සුරූපිකාවිය


මල් දහසක් මැද එකම සුවඳ ඔබ
හදේ නිදන් වු රුවමයි ඔබ මට
බියෙන් වෙසෙයි මා ඔබ නැති වේදැයි
හඳේ නිදන් වු සුරංගනාවිය


ඔබ හිමිවන්නේ කෙදිනකදැයි මට
සැමදා ඔබ වෙයි මාගේ ආලය
කෙසේද ඔබ වෙත පවසන්නේ මම
ඔබ හට පානා හඳ බැදි ආලය

Saturday, March 12, 2011

ලොව හැර යාවි.....


අතිරයි සසර දනව්වේ
සැමදෙය නිතර වෙනස්වේ
කොතරම් අනඟ රැගුම්පා
කොතරම් ගෙවමි ජීවිතේ


ලොභ මොහකම් වෙලා
සිත වෙහෙසින් අතරමං වෙලා
කල පෑකම් නිසා
සසරම දික් වෙලා


ලද කල කී දෑ සිහිවී
වැලපෙයි සිත දුක් ගිනි දී
ලොව හැර යන දීනේ
සපැමිණ ඇත මට මෙසේ....