Monday, October 10, 2011

අහිංසක ඇස්


අහිංසක ඇස් අඟින්
පෙනෙයි මට කදුලැලි
මලානක වී සැටි
සිතින් නම් සියුමැලි


ලොවෙහි ඔබ නැත හිමි
කෙනෙකු මට ඔබ වැනි
සිතෙහි නැත සැනසිලි
හඳ ගින්න ඇවිලිනි


සසර ඔබ ලඟ නැති
ගෙවමි මම කෙලෙසකි
රඟ මඬල මෙලසකි
හඳ ගිලන් වන සැටි 


දුර ඈත හමු වෙනා
නිශා සඳ පායනා
පුර පෝය අද වුනා
ඔබ මගෙන් වෙන් වුනා


සීත මට වැඩ් වෙනා
ඔබේ රුවම සිහි වෙනා
අන් සඳක් පායාලා
ඇති බවක් වැටහුනා..............




3 comments: