Monday, November 14, 2011

මගේ හදවත....

සඳ ඇති රැයක ඔබ ළඟින් ඉන්න හැදුවා
ඒ රැයම අමාවක බැව් සඳ හොරෙන් ඇවිත් කීවා
ඒ සඳ මගේ හද පළු දෙකට ඉරි කැඩුනා
ඔබ මගේ ළඟට ඇවිදින් සිප ගන්න එන්න කිව්වා


සීන සතක පෙරයමයේ ඔබේ සුවඳ දැනුනා
තුරුලේ ඇවිත් උණුසුම ලැබ ඔහේ යන්න හැරුනා
මට සීත සුළඟ දැනුනා...හද වේව්ලුම් කෑවා
ඔය හද මට දෝ සිතුනා.... මා මුළු දවසම හැඩුවා


සීත රැයක ගත කකියන ආල හැගුම් පිරුනා
මට දරා ගන්න හිතුනා... කදුළු බින්දු වැටුනා
ඔබ අද නැත රෑ මා ළඟ පාළු සොහොන විලසා
මගේ හදවත තනි කර දා පලා ගියේ කෙලෙසා...

1 comment:

  1. සීත රැයක ගත කකියන ආල හැගුම් පිරුනා
    මට දරා ගන්න හිතුනා... කදුළු බින්දු වැටුනා.......
    lassanama lassanai......

    ReplyDelete