මද්දහනේ මුකුලිත මල සේ
ඔය කැකුළු මුවඟ මා සිත් ගත්තේ
එවැනි සිනා නැත දැක ඇත්තේ
කෙලෙස මෙවන් ලෙස මන දොල සිදුවේ
එකම දිනකි ඔබ දැක ඇත්තේ
නොමැත එවන් සිනහව ලොව දැක්කේ
ම් ගත තිබු විඩාව සංසිදුවේ
කෙලස ලදුනි සිනහව ඔබ මැව්වේ
සිනාව ඉනාව ලෙසින් යොදාලා
කාල වෙලාව නැකත් බලාලා
සිනහව ඔබ වෙන හැටි පවසාලා
පිං සිදුවේ මට කියලා දීලා
මුළු කඩපිල කිරියෙන් ඉතිරිලා
සැම විට ඇත හොද ජය ලාභා
සැම දන තුඩ තුඩ යයි සොද වදනා
ඇත සුන්දර සිනහව ඔබ මවනා
කතර සසරක් නොදැක උපදින
දිනක මේ බව ලොවෙන් සඟවන
ලොවෙහි මිනිසුන් සරන නොම වන
නුබ වෙයි ඒ සොදුරු ගැහැණිය
ලොවම නොදකින ඔබම දකිනා
සෙනෙහේ ගඟ නෑ තවම උතුරා
කෙනෙකු නැත මේ වඟක් හඟනා
ඔබය පිං කෙත ලකළු කරනා
සිතක ඇති දම් සරන පෙන්වා
ලොවම සැනසු බවකි දන්නා
නොමැත වරුණා කරණු මැනවා
බුදු වෙයන් උඹ සසර මතුදා
දහසක් පැතුම් පොදි බැද
වස්ත්ර පොදියත් අතෙහි ගුලිකර
නොපුරුදු රටක් වෙත යන
ඔබට අපගේ පැතුම් සුභ වෙන
එකට කාලා එකට බීලා
එකම ලියලා ෆේල් වීලා
එකට බැනලා එකට නිදලා
එකම කරලා වටේ යවලා
"මචං මං අද යනවා"
කියල ගිය
නොකියා ගිය
අපි කවුරුත් උඹලා එක්ක
තරහා නෑ........
අපි උඹලාට ගොඩාක් අදරෙයි.....
පෙර කලක පටන් පැතු පෙමක්
බොද වී ගොස් නොසිතු ලෙස
පිං නොකලෙමි අත ගැනුමට
සොදුර නොමැත අද මා ළඟ
මතක නැවත සිහිවනවිට
පැතු පැතුම් හද පාරයි
ඔබ අද වෙනකෙකු යන විට
සිහිනයක්ද කියා සිතෙයි
කවි දහසත් ලිව්වත් මා
හදේ දැවෙන දුක නිවෙන්න
සත් සයුරම ගැලුවත් මදි
ඔබ නැති දුක නිවාලන්ට
නිශා අහසේ පායනා
රීදී රේඛා ලෙසින් දිලුනා
මේඝ පටලින් අහස කලබා
හිරු රැසෙහි ඔබ හිර කලා
මලහිරුයි බැසයන්නේ
ඔබවමයි සිහිවෙන්නේ
නැතද ඔබ තව ආවේ
ඇයි මෙහෙම දුක් දෙන්නේ
ඈත නිම්නය සිහිවෙනා
සිසිල සමගින් පැමිණෙනා
කිරණ සමගින් සිසිල නොවිදු
අමවක විය එදා රෑ
තරු කැට නැති රෑ යාමේ
සීතල පිනි බිදු තෙමුවේ
හද පතුලේ රෑදි සෙනෙහේ
නොදටුව සද වන් වුයේ
ඔබ වෙනුවෙන් හෙලු සුසුම්
නොමරා මා හද සැලුවේ
ගිය සිතකින් ඇති ඵල කිම
අඹු සොහොනට වල දැමුවේ
දෙන්නට මට නැත කිසි දෙය
පිවිතුරු හද මඩල මිසක
පෙම නොහදුන නුඹවන් අය
මගේ හිතේ අවසානය
පිරිපුන් රූසොබා කුමට
නිර්මල හදවත් නැති කල
යම් දිනකුදු පැමිණෙනු ඇත
එන්නට සිත හඩුනන ඔබ