පැතුවත් දහස් දැ,
ලැබුවන් මිටක් නැ,
ඇසුවත් නොයෙක් දැ,
ඔබ මාහට හිමි නැ
බහ දුන්නත්,
ඔබට මටද පලක් නැති බව දැන,
සුසුම් හෙලමින් හදෙහි සිරකොට,
ඒ අතීත පෙම,
සිහිනයක් ම කරගතිමි ඔබ අබියස
එදා සෙල් ලිපියක ලියවු පද මෙන් ,
සිතේ ඇදි ඔබේ රුව,
කලක් ඇවැමෙන්,
ගව් දහස් ගනනක් නිසාවෙන්,
සෙවනැලි මාවතේ සැගවී ගිය,
චායාවක් බදු විය.
ඔබ ඇසූ පැනයට තැති ගත් මා,
වී හුදෙකලා,
ලජ්ජාව පසෙකලා,
දුන් පිලිතුර නිසා,
මිතුදමක් ඇරඹුනා
සබද මේ කිනම් අරුමයක් ද,
වටහා ගත හැකිය මාහට,
ela ela thanks machan ...
ReplyDelete