සඳ ඇති රැයක ඔබ ළඟින් ඉන්න හැදුවා
ඒ රැයම අමාවක බැව් සඳ හොරෙන් ඇවිත් කීවා
ඒ සඳ මගේ හද පළු දෙකට ඉරි කැඩුනා
ඔබ මගේ ළඟට ඇවිදින් සිප ගන්න එන්න කිව්වා
සීන සතක පෙරයමයේ ඔබේ සුවඳ දැනුනා
තුරුලේ ඇවිත් උණුසුම ලැබ ඔහේ යන්න හැරුනා
මට සීත සුළඟ දැනුනා...හද වේව්ලුම් කෑවා
ඔය හද මට දෝ සිතුනා.... මා මුළු දවසම හැඩුවා
සීත රැයක ගත කකියන ආල හැගුම් පිරුනා
මට දරා ගන්න හිතුනා... කදුළු බින්දු වැටුනා
ඔබ අද නැත රෑ මා ළඟ පාළු සොහොන විලසා
මගේ හදවත තනි කර දා පලා ගියේ කෙලෙසා...
මා ඔබ හැර ගියද...
ඔබ මා හැර නොගිය බව
සිහිවේ
වරින් වර
එකල පටන් අප දෙදෙනා
කතා නොකලද
කත කලද
දෙදෙනා අතර
සිදුවන දේ
සිදු වු දේ
ටෙලිපති ආකාරයෙන්
දෙදෙනාටම දැනුනේ.......
දැනෙන්නේ
මා රැය පහන් කරන විට
ඔබ මා වෙත එන්නේ
තහංචි දමා ඇති
සිතක්
වෙත බැව්
කියුවද....
ඔබ එයින් පිටමං
කරන්නට, පළවා හරින්නට
ඔබට තරම් මට ශක්තියක්
නොමැත්තේ
මාගේ සිත දුබල නිසාද.......