Monday, February 28, 2011

කෙලසක කියනු......


සිනහවක කෙළවර  දුකමැයි
කදුලක කෙළවර      පුදුමදැයි
සැපතක කෙළවර    කදුළුදැයි
කරුමෙක කෙළවර  නැතිවමැයි

නැතිවත් කවුරු      පැතුවමැයි
ඇතිවත් නැගුවේ    කදුළුමැයි
සිතුවත් මෙලෙස    සුවමදැයි
නිබදව සිටිනු         කැපම්දැයි

පෝතක සිතුම්       නැතිව්මැයි
චිත්තප් ප්‍රිතිය        උතුරමැයි
ලබනට ප්‍රේමය      උරුමදැයි
කෙලෙසක කියනු  බැරිවමැයි

Sunday, February 27, 2011

ඔබ දන්නේ නෑ........


සොදුරුයි ඒ ආදරේ හැගුමන්
නිබදයි ගෙවුනේ ඒ ආදර සිතුවම්
සැමදා ඉදින්නයි පිරුවේ පෙරුමන්
ඔබ නෑනේ මා ළග ඉතින්

හිමිදිරියේ හමුවන්න තිබේ නම් සුන්දරනේ
ඔබ ඇවිත් මා ළග වෙලි
හද ගැස්මේ තරම දන්න.. ගිණි ගන්න මා නිවන්න
ඔබ නැනේ මා ලග ඉතින්....

ඔබ වගේ අය දකින හැම වරම මුවට කදුලක් නැගෙන්නේ
ඇස සොයනු ඔබව මැයි නිසා
කදුලු පිරි ඇස් අගින් ඔබව සොයමින් යන්නේ
ඔබ දන්නේ නෑ රත්තරන්..........

Friday, February 25, 2011

සුමුදුයි සුදුයි



සුදු පාට බිංදු වෙරළේ හැපි නැගෙන
සේ ඔබගෙ පරමාදරේ....
සුමුදුයි සුදුයි අල්ලනු බයයි.. පෙන කැටිය පිපිරෙනු සැකයි
ඇයි මෙලෙස සුකුමාලියේ...


සද කිරණ සේ සිසිලයි එසේ
සුමුදුයි සුදුයි ලංවනු බයයි
හෙට සිසිල දෙයි දෝ සැකයි
දුක සිතෙයි පිංවන්තියේ....


ඔබ මා ලගින් නගන සුසුමත් ප්‍රියයි
නොදැනුනේ ඇයි සොදුරියේ
සිසිලක්ව ළග ඉන්න කියනු කැපයි
ගිණි ඇයිද සුකුමාලියේ........

Tuesday, February 22, 2011

සැඩ පහර


දිවි සයුරේ ඔබ පහන් ටැඹක් වී
එලිය කරන්නට සැරසුනිදෝ
මහා සැඩ පහරට අසුවී පොඩි වී
ජීවිතයම මා නැති වුනිදෝ

එලිය ලබන්නට පින් ඇති වුව තත්
අපමණ බාඪා ආපි නොමැත   තත්
කෙලසක ඔබ මා එලිය කරන තත්
දැනසිටිමුද ඒ සොදුරු මෙ  තත්

ලොවක් එපා වී ලොවෙහි තනිවෙනා
ඔබ මා කිසි කල එක්වෙදෝ
නොමැත සිතක් මට වෙනකුට යෑමට
තවමත් මා තුළ ඔබ ඇයි දෝ

Monday, February 21, 2011

නිල් දෑස


නිල් දෑස බලන්
දොර කවුළු ඇරන්
සෙවනැල්ල වගේ ඔබ ඇවිදින්
මා ලඟට හොරෙන්


ඒ සුවඳ අරන්
එන විටදි සැනින්
මා හදේ පියන්
ඒ විවර වුනේ කෙලෙසින්


වස්සානේ අරන් ඔබ එන්න ඉතින්
මා හදේ පතන් ආ ජීවිතයම ලැබුනේ ඔබෙන්
කවදාක වුවත් පෙර නොවු ලෙසින්
ආදරයකි ලැබුනේ ඔබෙන්

Saturday, February 19, 2011

සොදුරුයි ආදරේ..........


සුසුමින් සුසුමට ඇසිපිය තරමට
ඔබ රුව දැකුමට ප්‍රියයැයි මා සිත
එනමුදු ඔබ මට සොයුරිය සේ ඉද
කෙලසක කියමිද මා ආදරේ බව


එක සෙවනේ මා ඔබ සිටින සද
හදවත කකියයි කියනට බෑ මට
වදන් කැඩි කැඩි පිටවන ඒ විට
ඔබ මා සොයුරිය සේද හැගේ මට


ආදරේ.. සොදුරුයි ඔබ සෙවණේ
ජීවිතේ.. මිහිරියි ඔබ අතරේ
සිහිනේ.. දැකුමයි ඔබ තුරුලේ
සොදුරුයි ආදරේ..........

Friday, February 18, 2011

කතර



කුමුදු විලට පැයු සුපුන් සදයි ඔබ
මා හද කැලබන පෙම් අගනා
සද තරු පරදන නිල්වන් නෙත් යුග
හෙලනු එපාඔය බැල්මන් මවෙතා


නියගෙට අසුවු ආදර නදියෙන්
නොමැත දිය බිදක් දෙන්නට ඔබ වෙත
කටු කොහොලින් පිරි මහා වැලි කතරට
ඔබගේ දිය බිදක් ඇති වේදැයි නොදනිමි

විසල් කුසල් නොකරා අත්තෙමි
එකදු මලක් වෙත පියමන් කෙරුමට
කෙලසින් විසදේ දැයි නොදනිමි
මේ ඉරණම මා හද සලනා

Monday, February 14, 2011

සිහින

ජීවිතයේ සොදුරු සිහින
මහා සමුදුර තරණය කොට
දවසක
නිල්,රෝස,කහා,දම්
පැහැයෙන් විචිත්‍රවත් කර
සෞම්ය මේඝයක් සේ
මා ලග දැවටෙන
එකා පරයා නැගෙන
සප්ත මහා රැළි කුණාටු
නන්වමින් පැමිණ
සියුම්ව මා දෙපා
දොවනයට
ඔබ එනවාද...........

මූලාව

නොපිපෙන අරණක පිපි ඒ
රෝස කුසුම
පිපි වැනෙන හැටි සුකුමාලය
නොපිපෙන අරණක
පිපි තිබුණු බව
ඇයි මා
සිහිමුර්ජා සිටියේද
මා වෙන ලොවක සිටියේද
මට නොහැගුනේ කිම
එය සැබැ මලක් නම්
කොතරම් අගනේද
මා හට

Saturday, February 12, 2011

රුධිරාණුබඪ්ද ආදරය

කදුලු බිදුවක් නොකියන
පූජාසනයක පුද දුන් ආදරයක
නිම්තෙරක පහස ලද
ඔබේ කුඵදුල් ආදරය
තවකෙකුගේ
මානසික තෘප්තියක් වෙනුවෙන්
මදක් හෝ
පිදුනි නම්
මා ඔබට හද පුරා
ආදරය කල නොමැත්තා වෙනි පවසයි නම්
නැත සොදුරිය
 ඇගේ උණුසුම ලැබුමට මා ප්‍රිය කලද
ඉඩ නොමැත මා හට
ඔබ අභිමුව මා පුද කල 
ඒ විසල් ආදරය 
රුඪිරයට අනුබඪව ඇති නිසාවෙනි
ස්වායක්තයක් නොවෙයි ඔබ මා