සිත් අහස පුරාවට
නුඹ වෙනුවෙන් සිත්තම් කළා වූ ස්නේහය
කඳුළු කැට ගොන්නක්ව දිය වී යන සඳ....
සිතේ රැඳවුනු දහසකුත් පැතුම් පොදි
එකින් එක සුනු විසුනු වෙන කල්හි
වරම් නොලදත් පුදන්නට
සිතේ රැඳි සෙනෙහස
පතන්නෙමි මුළු හදින් මගෙම වන්නට නොව
නුඹේ හද දිනු ඇයගෙ වන්නට
by: Chamari Lakshika
Monday, March 11, 2013
Thursday, March 7, 2013
සුහදාණනි
රුදුරු වියකල් රතිය හඹනා
එකල රුව හැඩවැඩම බලනා
නොකර සත්දම් අමන ලෙසිනා
කරති පව්කම් සතර දෙසිනා
පෙම් කවක් පැබැදුමක් උදෙසා
මවති රූ රසදුනක් විලසා
සෙවණ ගැනුමට කිසිත් විමසා
නැත කොතෙක් රුක් වැලක් සදිසා
සිත නැතත් එක තැනක සන්සුන්
කර ගනියි සැම විටක විමසුන්
පල නැතත් කල පෙමක පෙමසුන්
නොකර ගනියව් හානි දිවිදුන් By: Kushan Jayasinghe
නුඹම වී එහි රැදී
පහන් කරවයි මසිත
නුඹම වී එහි රැදී..
අවදි වී කවි සිතත්
පද අරුත් නුඹම වී...
සනහලයි ජීවිතය
පිසලමින් කදුළු ගී....
දකින හැම දසුනක්ම
සොඳුරු වී හද බැඳී..
සිහිකරයි නුඹ ගැනම
ලොවම රැඳි තැනකදි
හැර නොයන් කිසි දිනක
මා දමා කදුළු දී....
යා යුතුය බෝ දුරක්
සෙනෙහෙ දී මා දිවිය වී.... by: Chamari Lakshika
Wednesday, March 6, 2013
බාලොලි කැකුල
බාලොලි කැකුලක පාට මන බැඳි
වැලි කතරකට සිතින් පෙම් බැඳි...
රනින් රුවනින් මිල නොකල හැකි
සොදුරු දසුනක් නෙතට තනි නැති....
සිතට නැගි පෙම කිව නොහැකි තැන
සුසුම විතරක් මුව අගට දී
කදුළු බිදුවක් ගලා ගිය හැටි...
වැලි කතරකට සිතින් පෙම් බැඳි...
රනින් රුවනින් මිල නොකල හැකි
සොදුරු දසුනක් නෙතට තනි නැති....
සිතට නැගි පෙම කිව නොහැකි තැන
සුසුම විතරක් මුව අගට දී
කදුළු බිදුවක් ගලා ගිය හැටි...
Thursday, February 28, 2013
සමාව
සමාව,
ඔබේ ලෝකයට බලෙන් ඇතුල්වී
මගෙ ලොව තනන්නට
වෙර දැරුවාට....
සමාව,
නොදැනෙන ආදරයක් වෙනුවෙන්
ඔබේ කාලය මිඩංගු
කරන්න සිදු වුනාට...
සමාව,
දුක ලඟ ඔබ සමඟ හිටියට.....
සමාව,
ඔබේ සතුට ලඟ උපේක්ෂාවෙන්
බලා හිටියට.......
සමාව,
මම ඔබට කාටවත්ම නොදුන් මගේ ආදරය පිදු නිසාවට ..........
Wednesday, February 13, 2013
වැලන්ටයින් ප්‍රහාරය
සෑමදාම ආලය කරන මට
සෑමදාම ලඟින් ඉන්න මට
සෑමදාම දුක සැප බෙදා ගන්න මට
සෑමදාම වැලන්ටයින් මට
දිනයක් තිබුනාට කම් නැත
අසම්ජ්ජාති කාලකන්නි
නීචකම් කරන අධම බල්ලන්ට
බොරු ගොන් පාට් 1ක් දාලා
කෙල්ලව
shape කරගන්න...
කරපු බලු වැඩ වහගන්න....
මොකක් හරි
ගිහින් දෙන්න.....
Saturday, February 9, 2013
මේ සඳට
මේ සඳට ආදරය කරන්නේ
මා කොහොමද
කොයි හැඩතලයකටද
කොයි ආරකටද
මට නොහැඟේ
මන්ද
සඳ එළිය අයිති
කාටදැයි, කෙලෙසදැයි, කොහෙන්දැයි
මා නොදන්නා හෙයිනි.......
කිමද මා මෙතරම්
සඳ එළියට
ආලේ කරන්නේ......
Wednesday, January 30, 2013
සිත අද නැත
නිසල සිතුවිලි සයුරු තලයේ
කිමිදි කිමිදි දුර ගියා
නොදැක ඉන්නට නොහැකිමුත් මට
ඔබ ටිකෙන් ටික නැති වුනා
ඉපිද මැරි මැරි සසර කතරේ
පාවි පාවි අපි ගියා
ලොවම නිහඩයි අපිද නිහඩයි
අපිට අපිවම නැති වුනා
පෙර විසල් වු අදර ලොකේ
ඔබ මගේ පණ කෙඳි වුනා
එකල සමයේ හැගුම් බර වු
මගේ සිත අද නැති වෙලා
කිමිදි කිමිදි දුර ගියා
නොදැක ඉන්නට නොහැකිමුත් මට
ඔබ ටිකෙන් ටික නැති වුනා
ඉපිද මැරි මැරි සසර කතරේ
පාවි පාවි අපි ගියා
ලොවම නිහඩයි අපිද නිහඩයි
අපිට අපිවම නැති වුනා
පෙර විසල් වු අදර ලොකේ
ඔබ මගේ පණ කෙඳි වුනා
එකල සමයේ හැගුම් බර වු
මගේ සිත අද නැති වෙලා
Monday, November 19, 2012
සිත ඇදි රුව

හෘද සන්තානයම ගැහෙනවා දැනෙනවා
රුවමයි ඔබේ මැවෙනවා පෙනෙනවා
මුළු රැයම මා සිතනවා මතනවා
ගොතනවා ලියනවා ඉවරයක් නොමවෙනා
ඔබයි මේ සිත ඇදි රුව සොඳුරියේ
සිතයි මා හැදින ගත් හද ඔබේ
රැදෙයි ඔබ තුරුලේ සැමදා මගේ
මගෙයි ඔය මිහිරි හැගුමන් ඔබේ
ගිණිමද්දහනේ ඔබ මා තුරුලට වී
සිප ගත්දා ඒ පලමු දිනේ
සැමදා මා හද නොමැකි තියේ ළදේ
දහඩිය අතරින් සුසිනිදු පවනක් සැලුනා
ඔබ නෑ එය දන්නේ....
ලොවම අමතකව අප ලොව තනිවූ නිමේශයේ
ඔබ මා තුළ සැඟවී හොරැහින් නෙත බැලුවේ
ඇයි දැයි මට නොහැගේ
සොඳුරුයි මා ඔබ තුරුලේ
Saturday, November 10, 2012
මා තවමත් ලෙන්ගතුයි...
හද ගැබේ පායා දිලිනු සඳේ
අඳුරු වලාපට කෙමින් කෙමින් ඇවිදින්
නිල් සඳ මඩල යටපත් කලදා
මා වෛර කරනුයේ කාටදැයි පවසන්
මුළු ලෝකයම එකලු කලදා
හෘද සන්තනයම ඔබට සින්නක්කරේට ලිව්වෙ
සඳ රූ මා වෙලා ගත් නිසා
ගත තුළ ඔබ කිඳා බැසගත් නිසා....
ස්වල්ප නිමේශයකින්....
අරුමයකි.....ඔබගේ රැස් තවමත් මා ළඟ
හදෙහි ගැඹුරේ සැඟවී රිදවන උල් කටු මෙන් රිදවයි...
අමවක දාට.....
මට එළිය දෙන සඳ රේඛා ලෙස....
ඒ වේදනාවට මා තවමත් ලෙන්ගතුයි....
Wednesday, November 7, 2012
9:03am
කවියක්ව ඔබ ඇවිද මගේ සිතේ ලැගුම් ගෙන
නොපිලිවෙල රටාවක පද පේලි අමුණගෙන
කවි පොතේ කවි අමුණා දුක සිතෙන් තුරන් කර
දරණ වීරිය ගන්න අහිංසක පෙම්බරා මම
හද පාරන වේදනාවක නිමග්නව
මනෝ සාගරයක වෙලෙන
දුක වමාරා එන්නේ
ඔබ මට මෙතරම් ලං වු බව
නැති වු කල
වැටහුනේ මට...
ලඟ ඇති විට - අගේ නැති
දුර ඇති විට - දුකේ බැරි
මනෝප්‍රකාර
හද තුළ හොල්මන් කරනු වස්....
හිතට වස් වැදුනේ
කවරක කෙළවර නිසාදෝ.......
Monday, October 29, 2012
සෙවනැල්ල
ඔබ නැති කල සිහිවෙයි මට එය
දහස් වරින් වර
නෙතු දහසක් පැරදු ඒ දෑසේ
අහිංසකාවියේ ඇයි කුරිරු වුනේ
සෙවනැල්ලක් සේ මුළු හද මඩලේ
රජකල දා ඒ රන්වන් කාලේ
එළිය පොඩක්වත් නැති වුනු සමයේ
සෙවණැලි කොහෙදෝ මෙදා අනාතේ...
සිහිවන සිහිවන හැමවර සිතඟට
හද ගිණි අවුලන ගින්න නැගෙයි
ඔබේ සිනාකැන් උරුම නොමැත මට
මගේ වරද මත මියුලැසියේ

Monday, October 15, 2012
මෘදු ආදරය
Tuesday, October 9, 2012
කතරකට පෙම් බැද.......
කතරකට පෙම් බැදි විට
ආදරයට වැලි ලැබුනි
විදින්නට ගිණියම් රළු සුළං පහස ලැබුනි
මාගේ සදාහරිත වන රොදක් වන් සිත වෙනුවට.....
රුදුරු මාරාන්තික සර්ප විමාන දිටිමි....
මා සා විසාල් වැලි කතරේ අතරමං
රුදුරු තණබිසි දිටිමි.....
හරිත වර්ණයෙන් යුක්ත වුද සිත් පෙලන දුරට නොපෙනෙන
විකෘති වු උල් සහිත පතොක් වෘක්ෂ දිටිමි....
මට කිසිත් නොහැගුනි....
නිරුදක නොවුනත් කතර, මා නිරුදකය....
අසරණය..මං මුලා වීද...දෙලොවක් අතරය...නොහැගේ..
මේ සා විසුල් අහසින් කඳුළු බිදක්වත් සලා මොහොතකට,
කතර සසල නොකරන්නේ ඇයි......
Thursday, September 13, 2012
මගේ ආදරේ....
රෑ අහසේ තරු ගනින්න බෑ
උයලා පිහලා කන්න දෙන්න බෑ
තනියට ළඟ ඉන්නම්
හොද හොද රස කතා කියන්නම්...
හැකි පමණින් සලකන්නම්....
දුකට සැපට එකටම ඉන්නම්....
ඔකයි මගේ ආදරේ....
Subscribe to:
Posts (Atom)









