Wednesday, March 6, 2013

බාලොලි කැකුල

බාලොලි කැකුලක පාට මන බැඳි
වැලි කතරකට සිතින් පෙම් බැඳි...
රනින් රුවනින් මිල නොකල හැකි
සොදුරු දසුනක් නෙතට තනි නැති....
සිතට නැගි පෙම කිව නොහැකි තැන 
සුසුම විතරක් මුව අගට දී
කදුළු බිදුවක් ගලා ගිය හැටි...

2 comments:

  1. පාට මිලින වී හැකිලී යන බැව් දන දැනම
    ගිනියම්ව වියැලෙන කතරකට පෙම් බැඳ...
    නෙතෙහි තනි මැකූ...
    ඒ අමිල වූ රුවට;
    බැඳුනු පෙම
    ගොළු වූ හද තුලම මිලිනව ගියද...
    නෙතින් ගලා ගිය කඳුලක කැළල
    තවමත් ඉතිරිව ඇත....

    ReplyDelete
  2. කඳුළට සිනහවක්
    විඩාපත් රුවට රසදුනක්
    මවන්නට නොව
    තනන්නට
    සොයුරියේ....
    ඒ දිනය වැඩි ඈතක නොවෙයි.......

    ReplyDelete