පහන් කරවයි මසිත
නුඹම වී එහි රැදී..
අවදි වී කවි සිතත්
පද අරුත් නුඹම වී...
සනහලයි ජීවිතය
පිසලමින් කදුළු ගී....
දකින හැම දසුනක්ම
සොඳුරු වී හද බැඳී..
සිහිකරයි නුඹ ගැනම
ලොවම රැඳි තැනකදි
හැර නොයන් කිසි දිනක
මා දමා කදුළු දී....
යා යුතුය බෝ දුරක්
සෙනෙහෙ දී මා දිවිය වී.... by: Chamari Lakshika
No comments:
Post a Comment