සිත් අහස පුරාවට
නුඹ වෙනුවෙන් සිත්තම් කළා වූ ස්නේහය
කඳුළු කැට ගොන්නක්ව දිය වී යන සඳ....
සිතේ රැඳවුනු දහසකුත් පැතුම් පොදි
එකින් එක සුනු විසුනු වෙන කල්හි
වරම් නොලදත් පුදන්නට
සිතේ රැඳි සෙනෙහස
පතන්නෙමි මුළු හදින් මගෙම වන්නට නොව
නුඹේ හද දිනු ඇයගෙ වන්නට
by: Chamari Lakshika

No comments:
Post a Comment