Thursday, March 7, 2013

සුහදාණනි


රුදුරු වියකල් රතිය           හඹනා
එකල රුව හැඩවැඩම         බලනා
නොකර සත්දම් අමන      ලෙසිනා
කරති පව්කම් සතර          දෙසිනා

පෙම් කවක් පැබැදුමක්      උදෙසා
මවති රූ රසදුනක්             විලසා
සෙවණ ගැනුමට කිසිත්      විමසා
නැත කොතෙක් රුක් වැලක් සදිසා

සිත නැතත් එක තැනක   සන්සුන්
කර ගනියි සැම විටක       විමසුන්
පල නැතත් කල පෙමක  පෙමසුන්
නොකර ගනියව් හානි        දිවිදුන්             By: Kushan Jayasinghe

2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. රළු පරළු අතීතෙක
    ඉරි තැළුනු ඒ සොඳුරු මතකයේ
    නැතිමුත් අවසරයක් රැදෙන්නට තව තවත්.....
    දිනක අපි හමුවෙමු
    හමුවී හිනැහෙමු
    අපිම තැනු
    අපේම ලෝකයක
    සියලු දුක් පසෙකලා...

    ReplyDelete