Thursday, February 28, 2013

සමාව


සමාව,
ඔබේ ලෝකයට බලෙන් ඇතුල්වී
මගෙ ලොව තනන්නට
වෙර දැරුවාට....
සමාව,
නොදැනෙන ආදරයක් වෙනුවෙන්
ඔබේ කාලය මිඩංගු
කරන්න සිදු වුනාට...
සමාව,
දුක ලඟ ඔබ සමඟ හිටියට.....
සමාව,
ඔබේ සතුට ලඟ උපේක්ෂාවෙන්
බලා හිටියට.......
සමාව,
මම ඔබට කාටවත්ම නොදුන් මගේ ආදරය පිදු නිසාවට ..........

2 comments:

  1. ම හුදෙකලා ලොවට පිවිස
    ඔබේ ලොව තනන තුරු සිටියාට
    සමාව...
    පිදූ ආදරයක් වෙනුවෙන්
    පෙරලා ආදරය නොපිදුවාට
    සමාව...
    දුක සතුට ලඟ මා අසල රැඳුනත්
    ඔබ ලං කර නොගත්තාට
    සමාව...
    නොයිඳුල් පෙමක් මවෙත පිදුවාට
    ඉරි තැලී ගිය සිතකින් ආදරය නොකලාට
    සමාව.....

    ReplyDelete