Wednesday, September 25, 2013

ඔබ ඇයිද හිමි නොවුනේ........


ලකලු ඔය මුව කමල දුටු විගස හද මඩල 
ගැහෙයි මට රිදවෙන්න
ඇයි එලෙස මට දැනුනේ මා මෙලෙස තනි වෙන්නේ
ඔබ ඇයිද හිමි නොවුනේ ජීවිතය විදවන්නේ


ඔබ නිසා රෑ දිවා තරු ගැන්නා ඇස් දවා
පෙර මෙමා නොවිදිනා වේදනා අද විදිනා
ඔබ ඇයිද හිමි නොවුනේ ජීවිතය රිදවන්නේ
සිතුවමකි මං ඇන්දේ.......


සිත පවා වෙලෙනවා දුකින් මා සැලෙනවා
ඔබගේ ඒ රුව තමා සැම විටම පෙනෙනවා
ආදරේ සිතුවමකි වැරදිලා මතුවෙනා
කෙසේ දැයි මං ඉන්නේ...........             


 BY: KUSHAN JAYASINGHE

~<>රුධිරාණුභධ්ද ආදරය<>~





කදුලු බිදුවක් නොකියන
පූජාසනයක පුද දුන් ආදරයක
නිම්තෙරක පහස ලද
ඔබේ කුඵදුල් ආදරය
තවකෙකුගේ
මානසික තෘප්තියක් වෙනුවෙන්
මදක් හෝ
පිදුනි නම්
මා ඔබට හද පුරා
ආදරය කල නොමැත්තා වෙනි පවසයි නම්
නැත සොදුරිය
ඇගේ උණුසුම ලැබුමට මා ප්‍රිය කලද
ඉඩ නොමැත මා හට
ඔබ අභිමුව මා පුද කල
ඒ විසල් ආදරය
රුඪිරයට අනුබඪව ඇති නිසාවෙනි
ස්වායක්තයක් නොවෙයි ඔබ මා
 — BY: KUSHAN JAYASINGHE

______---))((අසම්මත යැයි සම්මත ප්‍රේමය))((---______


ඔබගේ ප්‍රේමය මට කවදත් කුළුදුල්
මාගේ ප්‍රේමය සැමදා ඔබට නැවුම්
ඔබට මාගේ හද ගැස්ම හොදින් දැනේ
එනමුදු ඔබ ඔබේ ලොවේ මා මගේ ලොවේ
තනිවී
මුහුණට මුහුණ බලමින් සිනාසෙයි
දෛවයේ සරදම
අප කොන් කලා
හුස්මක් දුරින් ඉන්නවත් බෑ මට
එන්න
මගේ හදමඬලේ කවි උල්පත ඔබ
සැත්පෙන්න
මගේ ලය මඬලේ ඔය මුව කමල තබා
ලංවී කියන්න
මටම විතරක් ඇසෙන්න
ගොඩාක් ආදරෙයි කියා                   
By: Kushan Jayasinghe

.......සිත ගියා......


දුකට ඇයි හඬන්නැත්තේ
ඉකි ගසා ඇයි සිත තැවෙන්නේ
දුරක ඇයි ඔබ මගෙන් යන්නේ
මගෙන් වුණු වරදක්ද වෙන්නේ

යහනේ තනිවී ගෙවුනු රෑ
ඔබ තමඉ සිහියට එන්නේ
සිත මගේ වියලිලා දැවෙනවා
ලැව් ගිණි ඇවලිලා

අද මගේ හඳ පුරා
ඔබේ සුවද නැත තව රැදිලා
ඉවතක ගියා ඔබ සිතින් මිදිලා
දුක් තනිය ඇත සිත මැවිලා    
   
                By: Kushan Jayasinghe

Saturday, April 20, 2013

ඔබට ඔබ


මා ඔබව සඳට උපමා නොකරමි
         සඳ කළු වලවන්ගෙන් වැසෙන නිසා
මා හිරුට ඔබව උපමා නොකරමි 
           දහවල හිරු මා දවන නිසා
පවනට උපමා නොකරමි
    පවන සැම විටම නොලැබෙන නිසා
මලට උපමා නොකරමි
          බඹරුන් මලේ රොන් උරන නිසා
එහෙත් ඔබට ඔබ උපමා කරමි
    ඔබ මා දන්න නිසා
    මා ඔබ දන්න නිසා
  මා ඔබට කාටවත්ම නොපිදු 
 මාගේ
         ආදරය
පුදන නිසා......                      By: Kushan Jayasinghe

Monday, March 11, 2013

අහිමි පෙම

සිත් අහස පුරාවට
නුඹ වෙනුවෙන් සිත්තම් කළා වූ ස්නේහය
කඳුළු කැට ගොන්නක්ව දිය වී යන සඳ....
සිතේ රැඳවුනු දහසකුත් පැතුම් පොදි 
එකින් එක සුනු විසුනු වෙන කල්හි
වරම් නොලදත් පුදන්නට
සිතේ රැඳි සෙනෙහස
පතන්නෙමි මුළු හදින් මගෙම වන්නට නොව
නුඹේ හද දිනු ඇයගෙ වන්නට

                                           by: Chamari Lakshika


Thursday, March 7, 2013

සුහදාණනි


රුදුරු වියකල් රතිය           හඹනා
එකල රුව හැඩවැඩම         බලනා
නොකර සත්දම් අමන      ලෙසිනා
කරති පව්කම් සතර          දෙසිනා

පෙම් කවක් පැබැදුමක්      උදෙසා
මවති රූ රසදුනක්             විලසා
සෙවණ ගැනුමට කිසිත්      විමසා
නැත කොතෙක් රුක් වැලක් සදිසා

සිත නැතත් එක තැනක   සන්සුන්
කර ගනියි සැම විටක       විමසුන්
පල නැතත් කල පෙමක  පෙමසුන්
නොකර ගනියව් හානි        දිවිදුන්             By: Kushan Jayasinghe

නුඹම වී එහි රැදී

දසත විසිරුනු මිහිරි සිතුවිලි 
පහන් කරවයි මසිත 
නුඹම වී එහි රැදී..
අවදි වී කවි සිතත්
පද අරුත් නුඹම වී...
සනහලයි ජීවිතය 
පිසලමින් කදුළු ගී....
දකින හැම දසුනක්ම
සොඳුරු වී හද බැඳී..
සිහිකරයි නුඹ ගැනම
ලොවම රැඳි තැනකදි
හැර නොයන් කිසි දිනක
මා දමා කදුළු දී....
යා යුතුය බෝ දුරක්
සෙනෙහෙ දී මා දිවිය වී....        by: 
Chamari Lakshika

Wednesday, March 6, 2013

බාලොලි කැකුල

බාලොලි කැකුලක පාට මන බැඳි
වැලි කතරකට සිතින් පෙම් බැඳි...
රනින් රුවනින් මිල නොකල හැකි
සොදුරු දසුනක් නෙතට තනි නැති....
සිතට නැගි පෙම කිව නොහැකි තැන 
සුසුම විතරක් මුව අගට දී
කදුළු බිදුවක් ගලා ගිය හැටි...

Thursday, February 28, 2013

සමාව


සමාව,
ඔබේ ලෝකයට බලෙන් ඇතුල්වී
මගෙ ලොව තනන්නට
වෙර දැරුවාට....
සමාව,
නොදැනෙන ආදරයක් වෙනුවෙන්
ඔබේ කාලය මිඩංගු
කරන්න සිදු වුනාට...
සමාව,
දුක ලඟ ඔබ සමඟ හිටියට.....
සමාව,
ඔබේ සතුට ලඟ උපේක්ෂාවෙන්
බලා හිටියට.......
සමාව,
මම ඔබට කාටවත්ම නොදුන් මගේ ආදරය පිදු නිසාවට ..........

Wednesday, February 13, 2013

වැලන්ටයින් ප්‍රහාරය


සෑමදාම ආලය කරන මට
සෑමදාම ලඟින් ඉන්න මට
සෑමදාම දුක සැප බෙදා ගන්න මට
සෑමදාම වැලන්ටයින් මට

දිනයක් තිබුනාට කම් නැත
අසම්ජ්ජාති කාලකන්නි
නීචකම් කරන අධම බල්ලන්ට
බොරු ගොන් පාට් 1ක් දාලා
කෙල්ලව
shape කරගන්න...
කරපු බලු වැඩ වහගන්න....
මොකක් හරි
ගිහින් දෙන්න.....

Saturday, February 9, 2013

මේ සඳට


 මේ සඳට ආදරය කරන්නේ
මා කොහොමද
කොයි හැඩතලයකටද
කොයි ආරකටද
මට නොහැඟේ
මන්ද
සඳ එළිය අයිති
කාටදැයි, කෙලෙසදැයි, කොහෙන්දැයි
මා නොදන්නා හෙයිනි.......
කිමද මා මෙතරම්
සඳ එළියට
ආලේ කරන්නේ......

Wednesday, January 30, 2013

සිත අද නැත

නිසල සිතුවිලි සයුරු තලයේ
කිමිදි කිමිදි දුර ගියා
නොදැක ඉන්නට නොහැකිමුත් මට
ඔබ ටිකෙන් ටික නැති වුනා

ඉපිද මැරි මැරි සසර කතරේ
පාවි පාවි අපි ගියා
ලොවම නිහඩයි අපිද නිහඩයි
අපිට අපිවම නැති වුනා

පෙර විසල් වු අදර ලොකේ
ඔබ මගේ පණ කෙඳි වුනා
එකල සමයේ හැගුම් බර වු
මගේ සිත අද නැති වෙලා