ඔබට ඔබ
මා ඔබව සඳට උපමා නොකරමි
සඳ කළු වලවන්ගෙන් වැසෙන නිසා
මා හිරුට ඔබව උපමා නොකරමි
දහවල හිරු මා දවන නිසා
පවනට උපමා නොකරමි
පවන සැම විටම නොලැබෙන නිසා
මලට උපමා නොකරමි
බඹරුන් මලේ රොන් උරන නිසා
එහෙත් ඔබට ඔබ උපමා කරමි
ඔබ මා දන්න නිසා
මා ඔබ දන්න නිසා
මා ඔබට කාටවත්ම නොපිදු
මාගේ
ආදරය
පුදන නිසා...... By: Kushan Jayasinghe
No comments:
Post a Comment