Monday, November 19, 2012

සිත ඇදි රුව



හෘද සන්තානයම ගැහෙනවා දැනෙනවා
රුවමයි ඔබේ මැවෙනවා පෙනෙනවා
මුළු රැයම මා සිතනවා මතනවා
ගොතනවා ලියනවා ඉවරයක් නොමවෙනා

ඔබයි මේ සිත ඇදි රුව සොඳුරියේ
සිතයි මා හැදින ගත් හද ඔබේ
රැදෙයි ඔබ තුරුලේ සැමදා මගේ
මගෙයි ඔය මිහිරි හැගුමන් ඔබේ

ගිණිමද්දහනේ ඔබ මා තුරුලට වී
සිප ගත්දා ඒ පලමු දිනේ
සැමදා මා හද නොමැකි තියේ ළදේ
දහඩිය අතරින් සුසිනිදු පවනක් සැලුනා
                         ඔබ නෑ එය දන්නේ....

ලොවම අමතකව අප ලොව තනිවූ නිමේශයේ
ඔබ මා තුළ සැඟවී හොරැහින් නෙත බැලුවේ
ඇයි දැයි මට නොහැගේ
සොඳුරුයි මා ඔබ තුරුලේ

Saturday, November 10, 2012

මා තවමත් ලෙන්ගතුයි...


හද ගැබේ පායා දිලිනු සඳේ
අඳුරු වලාපට කෙමින් කෙමින් ඇවිදින්
නිල් සඳ මඩල යටපත් කලදා
මා වෛර කරනුයේ කාටදැයි පවසන්

මුළු ලෝකයම එකලු කලදා
හෘද සන්තනයම ඔබට සින්නක්කරේට ලිව්වෙ
සඳ රූ මා වෙලා ගත් නිසා
ගත තුළ ඔබ කිඳා බැසගත් නිසා....
ස්වල්ප නිමේශයකින්....

අරුමයකි.....ඔබගේ රැස් තවමත් මා ළඟ
හදෙහි ගැඹුරේ සැඟවී රිදවන උල් කටු මෙන් රිදවයි...
අමවක දාට.....
මට එළිය දෙන සඳ රේඛා ලෙස....
ඒ වේදනාවට මා තවමත් ලෙන්ගතුයි....




Wednesday, November 7, 2012



9:03am
කවියක්ව ඔබ ඇවිද මගේ සිතේ ලැගුම් ගෙන නොපිලිවෙල රටාවක පද පේලි අමුණගෙන කවි පොතේ කවි අමුණා දුක සිතෙන් තුරන් කර දරණ වීරිය ගන්න අහිංසක පෙම්බරා මම හද පාරන වේදනාවක නිමග්නව මනෝ සාගරයක වෙලෙන දුක වමාරා එන්නේ ඔබ මට මෙතරම් ලං වු බව නැති වු කල වැටහුනේ මට... ලඟ ඇති විට - අගේ නැති දුර ඇති විට - දුකේ බැරි මනෝප්‍රකාර හද තුළ හොල්මන් කරනු වස්.... හිතට වස් වැදුනේ කවරක කෙළවර නිසාදෝ.......

Monday, October 29, 2012

සෙවනැල්ල


ඔබ නැති කල සිහිවෙයි මට එය
දහස් වරින් වර
නෙතු දහසක් පැරදු ඒ දෑසේ
අහිංසකාවියේ ඇයි කුරිරු වුනේ

සෙවනැල්ලක් සේ මුළු හද මඩලේ
රජකල දා ඒ රන්වන් කාලේ
එළිය පොඩක්වත් නැති වුනු සමයේ
සෙවණැලි කොහෙදෝ මෙදා අනාතේ...

සිහිවන සිහිවන හැමවර සිතඟට
හද ගිණි අවුලන ගින්න නැගෙයි
ඔබේ සිනාකැන් උරුම නොමැත මට
මගේ වරද මත මියුලැසියේ




Monday, October 15, 2012

මෘදු ආදරය


නොඅසනු! ඔබ මට ආදරේ දැයි,
සැබවින්ම
එය මට නිගාවකි, පහත් සරදමකි....
එක දෙයක් මට හැගේ....
දෙවොලක් බඳුවු මාගේ අදරය
නිර්මලව...පෙහේවී...
ඔබ වෙනුවෙන්ම කැප කල

මෘදු ආදරය
ඔබට නොදැනෙන නිසා
නොවන්නේද.....



Tuesday, October 9, 2012

කතරකට පෙම් බැද.......


කතරකට පෙම් බැදි විට
ආදරයට වැලි ලැබුනි
විදින්නට ගිණියම් රළු සුළං පහස ලැබුනි
මාගේ සදාහරිත වන රොදක් වන් සිත වෙනුවට.....

රුදුරු මාරාන්තික සර්ප විමාන දිටිමි....
මා සා විසාල් වැලි කතරේ අතරමං
රුදුරු තණබිසි දිටිමි.....
හරිත වර්ණයෙන් යුක්ත වුද සිත් පෙලන දුරට නොපෙනෙන
විකෘති වු උල් සහිත පතොක් වෘක්ෂ දිටිමි....
මට කිසිත් නොහැගුනි....

නිරුදක නොවුනත් කතර, මා නිරුදකය....
අසරණය..මං මුලා වීද...දෙලොවක් අතරය...නොහැගේ..
මේ සා විසුල් අහසින් කඳුළු බිදක්වත් සලා මොහොතකට,
කතර සසල නොකරන්නේ ඇයි......



Thursday, September 13, 2012

මගේ ආදරේ....


රෑ අහසේ තරු ගනින්න බෑ
උයලා පිහලා කන්න දෙන්න බෑ
තනියට ළඟ ඉන්නම්
හොද හොද රස කතා කියන්නම්...
හැකි පමණින් සලකන්නම්....
දුකට සැපට එකටම ඉන්නම්....

ඔකයි මගේ ආදරේ....


Monday, August 6, 2012

ඔබ


නොදැන හමුවු ඒ සොඳුරු හමුවේ
නොදැන සිටිනට නොහැකි වුවේ
දුටුදාම ඔච්චමට සිත යැවුවේ
ඒ ඔබයි කටකාරියේ

කටකාර වදනින් මුළු රැයක් පිනවා
කෙලිළෝල බවකින් රැගුම් දමලා
සිතැඟි රුව නොව සිතක් ඉපිලා
මට මක් කලේ සුකුමාලියේ

නොසිතු අයුරින් ඇසුරු සැනකින්
නොපැතු ලෙස ඔබ මා ළඟයි රැදිලා
පෙර නොවිදි පහසුවක් දැනිලා
හිනැහෙන්න මනලෝලියේ

කතර නිරුදක වු එදා ලොව
ක්ෂ්මභුමිය එහි තනන්නට යන
හැඩයි ඔබ එය මට උරුම වු
සැමදෙයකි ඔබ මා ප්‍රාණේ.....

Tuesday, June 12, 2012

කවුද මට කිව්වා


හදෙහි ඇතිවෙන සතුටු දිනයකි
මා වෙනුවෙන් මා සතුටු වෙයි
මක්නිසාද...
අනෙකුන් මා හට සුභපතනා බැවිනි...සමහර විට තෑගිද ලැබෙන බැවින්
වැඩි ප්‍රාර්ථනා ගොන්නක්
සිත තුළ පොදි බැදගෙන
උසුලාගෙන
සසර සක්මන් කරනුයේ ඇයි....
වසර 24ක් මෙලොව ජීවත්ව
ඇතත්....
ලොවේ ජීවත් වු හෙයින්
එයට ගෙවු කුළිය
නැත්නම්,
ලෝකයා වෙනුවෙන් කල දේවල්
පොඩ්ඩයි නේද......

උපන්දිනය ! ජීවිතයේ තවත් එක් දිනයක් පමණි.....
කවුද මට කිව්වා....
ඒක නම් කවදාවත් අමතක වෙන්නේ නෑ

Thursday, May 31, 2012

හද දැවෙනා


මුදු සිනා අතරින් - රැස් දි දී දිලිසෙනා
කිරි කොඩු කැළුමන් - අප වටා රැස්වුනා
නව කතා පිටුවක් - හැමදාම ලිව්වා
ඒ සුවද හැගුමන් - නැත නැවත ලැබෙනා

නව ලොවක් තනනා ලෙස සිතුම් පැතුවා
මුළු ඉදිරි දිවියේ කාල සටහන් හැඩුවා
අද මතක ඇතිවෙනා හැම මොහොත පසා
හද සෝක සුසුමන් ඇති වන්නේ නොදැනා

හද දැවෙනා රහසේ හඩනා
මුළු දිවිය රදනා ලෙස ඉන්න පැතුවා
තව ලොවක් තනන්නට ඔබ නික්ම ගියදා
මා තව ඒ ලොකේ සුන්බුන් අතර හිරවෙලා

Wednesday, February 22, 2012

කළුවර ගැබ

421116_174023826044612_100003109877148_258084_563626144_n.jpgලාහිරු සේ ඔබ මවෙතින් බැස යාවී
කළුවර ගැබ වෙත කඳුලැලි තියලා
සොමි සඳ වී ඔබ වෙනකෙකු ළඟ පායා
මා පිවිතුරු හද ඉවත හෙලා

සුසුමන් ළඟ ඔබෙ සිනා තියාලා
කඳුලැලි ළඟ මහා පැතුම් මවාලා
ඔබ ළඟ ඇය ලය සතපා තියා
ඇය ඔබ අතහැර ඉවත ගියා

මා හද ගැස්මෙන් ඔබ සිටියා
ඒ හද ඔබ නෑ හරි හැටි හදුනා
ලං වනු බෑ දැන් හදවත මැරිලා
ඔය උණුසුම නැති බැව් හැදිනා

Tuesday, February 14, 2012

අහස

අහස වගේ කල ආදරයක
කෙතරම් වු වෙනසක් මේ විසල් ගැබ
කාටත් කිව නොහැකිය ඒ සිත් අහස
විගසින් වෙනස් වෙයි ඔබ හට තිබු ආදරය


විටකදි මට ඔබ ඔනෑ වෙන
තව කල යන ඔබ එපාව
සිප ගනු සිතයි ඔබ මට විටක
ආදරය කලේ අහසට සමව මම


ඔබ මහා පොළව මෙන් රැදි එක ලෙස
මා ඔබව තෙමුවා මගේ කඳුළු වර්ෂාවෙන්
දුක දුකමයි සිතා, සතුට දෙස දුකින් බලා
ලා හිරු නැඟ මා ලොව එළිය කෙරේවා!!