Tuesday, March 8, 2011

සිහින කුමරියේ....


සිහින කුමරියේ.....සිහින කුමරියේ..
කෙළි කවට සිනා මුවඟ පුරා
සිහින පොලෙන් සිහින ගන්න
කදුළු පැනින් සතුට සොයන....
සිහින කුමරියේ....

සුවැති සැපත නොමැති ඔබට
නිතර සිතින් හඩා වැලප
සන්තාපය වසන් කරන
නමුඳු ඔබේ මුවින් පෙනෙන.....
සිහින කුමරියේ.....

අහස් ගැබේ තරු තිබුනද
තනි තරුවක් සොයමින් යන
ඇස් කන් පෙති විවරව බල
සිහින කුමරියේ....මගේ සිහින කුමරියේ......

No comments:

Post a Comment