Saturday, March 19, 2011

ඔබ නවාතැනම විය


දිවිගමනේ ඔබ නවාතැනම විය
මා හඳ කුටියේ නිදන්ව සිටි ඔබ
ඔබ රුවමයි මා සිතු බැඳි සිසිලස
සුවදයි ඔබ මා සුරූපිකාවිය


මල් දහසක් මැද එකම සුවඳ ඔබ
හදේ නිදන් වු රුවමයි ඔබ මට
බියෙන් වෙසෙයි මා ඔබ නැති වේදැයි
හඳේ නිදන් වු සුරංගනාවිය


ඔබ හිමිවන්නේ කෙදිනකදැයි මට
සැමදා ඔබ වෙයි මාගේ ආලය
කෙසේද ඔබ වෙත පවසන්නේ මම
ඔබ හට පානා හඳ බැදි ආලය

Saturday, March 12, 2011

ලොව හැර යාවි.....


අතිරයි සසර දනව්වේ
සැමදෙය නිතර වෙනස්වේ
කොතරම් අනඟ රැගුම්පා
කොතරම් ගෙවමි ජීවිතේ


ලොභ මොහකම් වෙලා
සිත වෙහෙසින් අතරමං වෙලා
කල පෑකම් නිසා
සසරම දික් වෙලා


ලද කල කී දෑ සිහිවී
වැලපෙයි සිත දුක් ගිනි දී
ලොව හැර යන දීනේ
සපැමිණ ඇත මට මෙසේ....

Tuesday, March 8, 2011

සිහින කුමරියේ....


සිහින කුමරියේ.....සිහින කුමරියේ..
කෙළි කවට සිනා මුවඟ පුරා
සිහින පොලෙන් සිහින ගන්න
කදුළු පැනින් සතුට සොයන....
සිහින කුමරියේ....

සුවැති සැපත නොමැති ඔබට
නිතර සිතින් හඩා වැලප
සන්තාපය වසන් කරන
නමුඳු ඔබේ මුවින් පෙනෙන.....
සිහින කුමරියේ.....

අහස් ගැබේ තරු තිබුනද
තනි තරුවක් සොයමින් යන
ඇස් කන් පෙති විවරව බල
සිහින කුමරියේ....මගේ සිහින කුමරියේ......

Friday, March 4, 2011

ඔබ ඇයිද හිමි නොවුනේ ........


ලකලු ඔය මුව කමල දුටු විගස හද මඩල
ගැහෙයි මට රිදවෙන්න
ඇයි එලෙස මට දැනුනේ මා මෙලෙස තනි වෙන්නේ
ඔබ ඇයිද හිමි නොවුනේ ජීවිතය විදවන්නේ

ඔබ නිසා රෑ දිවා තරු ගැන්නා ඇස් රිදවා
පෙර මෙමා නොවිදිනා වේදනා අද විදිනා
ඔබ ඇයිද හිමි නොවුනේ ජීවිතය රිදවන්නේ
සිතුවමකි මං ඇන්දේ.......

සිත පවා වෙලෙනවා දුකින් මා සැලෙනවා
ඔබගේ ඒ රුව තමා සැම විටම පෙනෙනවා
ආදරේ සිතුවමකි වැරදිලා මතුවෙනා
කෙසේ දැයි මං ඉන්නේ...........

Wednesday, March 2, 2011

රුදක හා රුඪිරය


ප්‍රේම සිතකට මෙතෙක් ගින්දර දරනු හැකි    දෝ
ගෙත්තමින් කල අදර අන්දර වනසනු හැකි දෝ
සොදුරු සුන්දර රැගු කින්දර රුදුරු වුනි         දෝ
මගෙන් වරදක් වුනිද කින්නර ලදුන් කොහි  දෝ

කුරිරු බැල්මෙන් හෙලන ගැම්මෙන්
නපුරු සිතුමෙන් මවන    හැක්කෙන්
තපසු වෙසගින් රගන        රැගුමෙන්
සොදුරු සුකුමල ලදක්     මෙලෙසින්

දිය පිපාසිත බවක්              අගවා
ලේ සොයයි මුළු ගත            පුරා
මෙවන් කෙරුමන් මනසේ  රදවා
නිදි වරයි මා රෑ                     දිවා