Monday, March 11, 2013

අහිමි පෙම

සිත් අහස පුරාවට
නුඹ වෙනුවෙන් සිත්තම් කළා වූ ස්නේහය
කඳුළු කැට ගොන්නක්ව දිය වී යන සඳ....
සිතේ රැඳවුනු දහසකුත් පැතුම් පොදි 
එකින් එක සුනු විසුනු වෙන කල්හි
වරම් නොලදත් පුදන්නට
සිතේ රැඳි සෙනෙහස
පතන්නෙමි මුළු හදින් මගෙම වන්නට නොව
නුඹේ හද දිනු ඇයගෙ වන්නට

                                           by: Chamari Lakshika


Thursday, March 7, 2013

සුහදාණනි


රුදුරු වියකල් රතිය           හඹනා
එකල රුව හැඩවැඩම         බලනා
නොකර සත්දම් අමන      ලෙසිනා
කරති පව්කම් සතර          දෙසිනා

පෙම් කවක් පැබැදුමක්      උදෙසා
මවති රූ රසදුනක්             විලසා
සෙවණ ගැනුමට කිසිත්      විමසා
නැත කොතෙක් රුක් වැලක් සදිසා

සිත නැතත් එක තැනක   සන්සුන්
කර ගනියි සැම විටක       විමසුන්
පල නැතත් කල පෙමක  පෙමසුන්
නොකර ගනියව් හානි        දිවිදුන්             By: Kushan Jayasinghe

නුඹම වී එහි රැදී

දසත විසිරුනු මිහිරි සිතුවිලි 
පහන් කරවයි මසිත 
නුඹම වී එහි රැදී..
අවදි වී කවි සිතත්
පද අරුත් නුඹම වී...
සනහලයි ජීවිතය 
පිසලමින් කදුළු ගී....
දකින හැම දසුනක්ම
සොඳුරු වී හද බැඳී..
සිහිකරයි නුඹ ගැනම
ලොවම රැඳි තැනකදි
හැර නොයන් කිසි දිනක
මා දමා කදුළු දී....
යා යුතුය බෝ දුරක්
සෙනෙහෙ දී මා දිවිය වී....        by: 
Chamari Lakshika

Wednesday, March 6, 2013

බාලොලි කැකුල

බාලොලි කැකුලක පාට මන බැඳි
වැලි කතරකට සිතින් පෙම් බැඳි...
රනින් රුවනින් මිල නොකල හැකි
සොදුරු දසුනක් නෙතට තනි නැති....
සිතට නැගි පෙම කිව නොහැකි තැන 
සුසුම විතරක් මුව අගට දී
කදුළු බිදුවක් ගලා ගිය හැටි...