Sunday, July 13, 2014

මට බයයි..

යනකොට එනකොට ඔබවම මැවෙයි By: Kushan Jayasinghe
ගස්කොළන් හා අහස බද්ධ වන
ක්ෂිතිජය දෙස ඔහේ බලන්
පාර මත ඔහෙ රෝද හතර දුවයි

කෙඳිරියට වාගේ ඇසෙන ගීතයට
ඔබේ රුව ඈදයි මා
උදේ, රැය
පුබුදුවයි මා දිනෙන් දින
තනිකඩ මේ දෙනෙතට
රසඳුනක් එක් කළ ඔබ
මට හිමියිද නැද්ද
ඔය සිනහව, ඇස් දෙක, බැල්ම
මා මුලාවෙයිද... මට බයයි..
රුව දුටු දින පටන් මා සාර්ථකයි
මාගේ ආදරය ඔබට දෙන්න
ඔබ ගන්නවද?

No comments:

Post a Comment