Sunday, July 13, 2014

බෙරය

පනම් හතරට රිදුම් දෙන
අත් වල කර ගැට
කියයි
දුක් අදෝනාව
තාලෙට වැයුවට
බෙරයට දැනෙන
වේදනාව
වෙනකෙකුගේ සන්තර්පනය වෙනුවෙන්
Photo Credits: Chamikara Nuwan Sameera

මට බයයි..

යනකොට එනකොට ඔබවම මැවෙයි By: Kushan Jayasinghe
ගස්කොළන් හා අහස බද්ධ වන
ක්ෂිතිජය දෙස ඔහේ බලන්
පාර මත ඔහෙ රෝද හතර දුවයි

කෙඳිරියට වාගේ ඇසෙන ගීතයට
ඔබේ රුව ඈදයි මා
උදේ, රැය
පුබුදුවයි මා දිනෙන් දින
තනිකඩ මේ දෙනෙතට
රසඳුනක් එක් කළ ඔබ
මට හිමියිද නැද්ද
ඔය සිනහව, ඇස් දෙක, බැල්ම
මා මුලාවෙයිද... මට බයයි..
රුව දුටු දින පටන් මා සාර්ථකයි
මාගේ ආදරය ඔබට දෙන්න
ඔබ ගන්නවද?

Thursday, July 10, 2014

ආදරයක්ද මේ මට හැගෙන්නේ By: Kushan Jayasinghe

අහිංසක ඇස් දෙකෙන්
හොරෙන් බලනා හැටි 
ඇයි
මා නොදැක්කා සේ හඟවන්නේ
සිනහව වාසනාවන් 
හැම උදයේම දකිනවානම්
හිරුට එරෙහිව ඔබව දකිනු කැමතිව
එනවා ගව්වක් ගෙවා, කකුල් කකියනවා
එය ඔබ දන්නේ නෑ
දුකක් නෑ
ඔබේ සිනහව දැක්කා