Friday, October 28, 2011

සොයා එවන් රුව

ලා සඳ කැන් මැද මා දැවිලා
ලා හිරු කිරණින් සිසිල වෙලා
ඒ හද මා සතු නෑ නතු කල යුතු
කිමද පලක් නැත නැවතීලා

ඔය රුව රැදිලා
දකින දකින තැන නැත පෙනිලා
සොයා එවන් රුව මා නෙත යායුතු
ගියා කියා නෑ තව ලැබිලා

මා කල නැත වරදක් කෙලෙසේ
හද ඇදි රුව නැත තව ලැබුනේ
මනස වෙහෙසි වෙයි ඔබ මොබ ඇවිදියි
කල යුතු දේ තව නොම තේරෙයි

Wednesday, October 19, 2011

මා තනි වුන දා.........

මේ රෑ....
සීතලෙන් මිරිකී...පාලුවෙන් තනි වී...
ඇසිපිය හෙලනා... කඳුළු බුර බුරා නැගෙනා......
මා තනි වුන දා.........

මා ළඟ තනි වී එදා...ඔබ තුරුලව උන්නා..
අසුරු සැනින් මා.... ඔබ තනිකර දා ගියා...
මා කඳුලයි ගෙව්වේ...සිට ඔබ නැති එදා...
මා තනි වුන දා.....

ඔබ රුව දුටු දා..... සිතුවේ නෑ මෙලෙසක මා....
කුරිරු බවින් ඔබ මා සිත හිර කලා...
ඔබ වෙනුවෙනුයි ගෙව්වා...මා ජීවිතය පුරා...
මා හැඩවුණු දා......

Wednesday, October 12, 2011

හදෙහි රැදෙන වේදනාව......

හිත බිදුනා ඔබ හින්දා
කවදාවත් නැත පවසා
සොඳුරු මොහොත් කොතෙක් ඇතත්
හද පාරන දුක් ගී වැල්
තවමත් ඇත ශේෂ වෙලා


හදෙහි රැදෙන වේදනාව
ඔබ වෙනුවෙන් ඉවසා සිටියා
හිත බිදෙනා හැම මොහොතක
මා මනසින් දුක් වින්දා


විදින රිදෙන හැම මොහොතක
දුකම උරුම බව දැනගෙන
මිරිඟුව පසු පස දිව්වා
තැවුනා හැඳුවා රිදෙනා හැමවර

Monday, October 10, 2011

අහිංසක ඇස්


අහිංසක ඇස් අඟින්
පෙනෙයි මට කදුලැලි
මලානක වී සැටි
සිතින් නම් සියුමැලි


ලොවෙහි ඔබ නැත හිමි
කෙනෙකු මට ඔබ වැනි
සිතෙහි නැත සැනසිලි
හඳ ගින්න ඇවිලිනි


සසර ඔබ ලඟ නැති
ගෙවමි මම කෙලෙසකි
රඟ මඬල මෙලසකි
හඳ ගිලන් වන සැටි 


දුර ඈත හමු වෙනා
නිශා සඳ පායනා
පුර පෝය අද වුනා
ඔබ මගෙන් වෙන් වුනා


සීත මට වැඩ් වෙනා
ඔබේ රුවම සිහි වෙනා
අන් සඳක් පායාලා
ඇති බවක් වැටහුනා..............




Tuesday, October 4, 2011

ගුරු ගීතය

මව වෙසඟනක් වු පලියට
දුව වෙසඟනක් වන්නේද....
පියාණෝ බේබඳු කුලයේ වු පලියට
පුතා බේබද්දෙක්ද....
මව උගත් බුද්ධිමත් කුල ස්ත්‍රියක් වු පලියට
පුතා සැබෑ පුරුෂයෙක් වන්නේද....
පියා සැබෑ කුල පුත්‍රයෙක් වු පලියට 
දියණිය එසේ වන්නේද......
ඊරිගේ හැටි බලා පැටව් ගනිව්!
කියන කතාව ඇත්තදක්ද....
සිසුවා සිසුවෙක් ලෙසත්
සිසුවිය සිසුවියක් ලෙසත්
දකින්නට මා පිං කලෙමි!!!!!!
මු... වැදගැම්මකට නැතිය...
මේකි නම් කවදාවත් හදන්න බැරිය....
යැයි....
මට නොසිතෙන්නේ මන්ද...
එයයි මා ගයන
ගුරු ගීතය...........