Monday, November 19, 2012

සිත ඇදි රුව



හෘද සන්තානයම ගැහෙනවා දැනෙනවා
රුවමයි ඔබේ මැවෙනවා පෙනෙනවා
මුළු රැයම මා සිතනවා මතනවා
ගොතනවා ලියනවා ඉවරයක් නොමවෙනා

ඔබයි මේ සිත ඇදි රුව සොඳුරියේ
සිතයි මා හැදින ගත් හද ඔබේ
රැදෙයි ඔබ තුරුලේ සැමදා මගේ
මගෙයි ඔය මිහිරි හැගුමන් ඔබේ

ගිණිමද්දහනේ ඔබ මා තුරුලට වී
සිප ගත්දා ඒ පලමු දිනේ
සැමදා මා හද නොමැකි තියේ ළදේ
දහඩිය අතරින් සුසිනිදු පවනක් සැලුනා
                         ඔබ නෑ එය දන්නේ....

ලොවම අමතකව අප ලොව තනිවූ නිමේශයේ
ඔබ මා තුළ සැඟවී හොරැහින් නෙත බැලුවේ
ඇයි දැයි මට නොහැගේ
සොඳුරුයි මා ඔබ තුරුලේ

Saturday, November 10, 2012

මා තවමත් ලෙන්ගතුයි...


හද ගැබේ පායා දිලිනු සඳේ
අඳුරු වලාපට කෙමින් කෙමින් ඇවිදින්
නිල් සඳ මඩල යටපත් කලදා
මා වෛර කරනුයේ කාටදැයි පවසන්

මුළු ලෝකයම එකලු කලදා
හෘද සන්තනයම ඔබට සින්නක්කරේට ලිව්වෙ
සඳ රූ මා වෙලා ගත් නිසා
ගත තුළ ඔබ කිඳා බැසගත් නිසා....
ස්වල්ප නිමේශයකින්....

අරුමයකි.....ඔබගේ රැස් තවමත් මා ළඟ
හදෙහි ගැඹුරේ සැඟවී රිදවන උල් කටු මෙන් රිදවයි...
අමවක දාට.....
මට එළිය දෙන සඳ රේඛා ලෙස....
ඒ වේදනාවට මා තවමත් ලෙන්ගතුයි....




Wednesday, November 7, 2012



9:03am
කවියක්ව ඔබ ඇවිද මගේ සිතේ ලැගුම් ගෙන නොපිලිවෙල රටාවක පද පේලි අමුණගෙන කවි පොතේ කවි අමුණා දුක සිතෙන් තුරන් කර දරණ වීරිය ගන්න අහිංසක පෙම්බරා මම හද පාරන වේදනාවක නිමග්නව මනෝ සාගරයක වෙලෙන දුක වමාරා එන්නේ ඔබ මට මෙතරම් ලං වු බව නැති වු කල වැටහුනේ මට... ලඟ ඇති විට - අගේ නැති දුර ඇති විට - දුකේ බැරි මනෝප්‍රකාර හද තුළ හොල්මන් කරනු වස්.... හිතට වස් වැදුනේ කවරක කෙළවර නිසාදෝ.......