කවිකාරි
දුකට පෙම් බැදි කවිකාරි
සියත දිගු කොට එන්න පවසා
හද තලුම් ලන වේදනා දෙන
කවිය පබදින කවිකාරි
ගෑඹුරු නදියක් සෙමින් ගලනා
නිහඩ නිසසල හැගුම් පා
සසල කරවන සුසුම් ලෑමට
කවිය පබදින කවිකාරි
බදුරා හී රුදුරු බව නෑ
අත්තේ මුත් අරලියා මලේ
විසක් විය ඒ අදුරු කවි පද
පබදිනා කවිකාරියේ
No comments:
Post a Comment