Wednesday, April 20, 2011

aurudhu song


කුමරියනේ......නේ......කුමරියනේ...නේ.....
බක් මහා කුමරියනේ.....
බක් මාසේ ඇවිදින් උඹ කැන්දන් යන්ඤ්ඤයි මේ ආවේ...
කුලසිරිතට විරිතට කැන්දන් යන්ඤ්ඤයි ආවේ...හේ....

මඟුල් තොරන් බැද රබන් ගසන් පෙල
උඩින් උඩින් පැන බෙරේ ගසන්නට
යටින් යටින් බිම චක් ගුඩු ගුඩු ගුඩු
ඇවිදිල්ලා බක් මාසේ...ඒ....ඒ....හේ....

සොඳුරු සිතින් සැමදෙන එක්වීලා
කැවුම් කොකිස් මුං අලුවා හදාලා
අවුරුදු නැකතින් නෑගම් යනවා
තාන තම් දෙනා තම්දෙන කියලා

පන්සල් යන්නට කරත්තේ නැගපං
තෙල් මල් අරගෙන නොනගත කාලේට
සිතින් ගතින් සංවර වී සැමදෙන
වදිමු වදිමු සුභවන්නට අවුරුදු

Tuesday, April 19, 2011

සිහින තොටුපල


සිහින තොටුපලෙන්
සිහින දකින්නට
පමණකි මා පෙරුමන් පිරුවේ
සිහින සාප්පුවේ විකිණේන සිහිනට
නැත සිහිනය මා මිළ කෙරුවේ

සිහින සෙලොලයිට් පටල තුළින් මා
ඔබ රුවමැයි මතු වී පෙනුනේ
පුරන් වු සිහිනය ඉහ ඉද්දර ඉද
වැලපෙයි සැම දෙන තොටුපල වෙත එන

Monday, April 18, 2011

මණ්දාකිණි..........



මණ්දාකිණි සොයා යමු මණ්දාකිණි 
ඔබ ඇතැයි සිතා
සිත උමතුවෙන් ඉදියි ගත පාලුවෙන් වෙලි
මණ්දාකිණි.......



සත් සමුදුරෙන් එහා
මහා ඈත දුර ඔයා
සුසුම් පොදක් එවන්න
සුළඟ එන හමා


නිල් අහස් කුසින්
පාවි පාවි මාව සොයා එන්න පියාඹා.....



ඝණ කළුවර මුළු රැයම පුරා
සොයමින් ලත උනා මේමා
සඳ කිරණක් වී එන්න
මා හද ඔබ එලිය කලා

Sunday, April 17, 2011

කවිය ඔබ ඇයි?


පද වැලක් ඇමිනු
කාලයක්
සිහියට නොම එයි
ඒ මන්ද
කරදර ඇති කල පමණද
කවිය
ඔබ මා නවාතැනට ගොඩවෙන්නේ
සතුටටත් මා දොරගුල් විවරයි
අනේ ඇයි මා අමතක කරන්නේ...
එතරම්
දුකට
ලං වෙලා
කවිය ඔබ

Thursday, April 14, 2011

නව වසර


කැවුම් කොකිස් මුං අළුවා සුවඳ හමනවා
ළමා තැනේලා එකතුව රබන් වයනවා
සැවොම දෙනා එකාවන්ව වැඩ අල්ලනවා
බත බුලතින් නව වසරක් සරු වී එනවා